මිනිසා විසින්
ගොඩනඟන ලද සුන්දර දූපත්..
දූපතක් යනු ජලයෙන් වටවූ ගොඩබිමකි. අප ජීවත් වන රට ද දූපතකි. පෘථිවි ගෝලය පුරාම මේ වැනි වූ ස්වාභාවික දූපත් විශාල ප්රමාණයක් ඇත. මේ අතර මිනිසා විසින් ගොඩනඟන ලද දූපත් ද වේ. ඒවා ද ඉතා අලංකාර නෙත් ඇදගන්නා සුළු නිර්මාණයන් ය. මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ලෙස මිනිසා විසින් ගොඩනඟන ලද දූපත් වේ.
01. The World Islands
මෙම දූපත් සමූහය පර්සියානු සමුද්රවංකයේ නිර්මාණය කර ඇත. මෙම කොදෙව් දූපත් සමූහය ලෝක සිතියමේ හැඩයට සාදා ඇත.
02. Palm Islands
මේ දූපත් සමූහය ඩුබායි හි සාදා ඇත. මෙය නිර්මාණය කොට ඇත්තේ Nakheel නම් ආයතනයක් විසිනි. මෙය පාම් ශාකයක හැඩයට සාදා ඇත.
03. Île aux Cygnes
ප්රංශයේ පැරිස් නුවර Seine හි පිහිටා ඇති කුඩා කෘත්රීම දූපතකි. 1827 වර්ශයේදී සාදා ඇත. මෙහි පාලම් 3ක් ඇත. මෙහි ඇති විශේෂතම දෙය වන්නේ මෙහි ඉදිකර ඇති ලිබර්ටි ප්රතිමාවේ අනුරුවයි. එය මුල් පිළිරුව පිහිටි නිව්යෝක් නගරය දිශාවට මුහුණ ලා පිහිටා ඇත.
04. Amwaj Artificial
Islands
මෙම දූපත් සමූහය බහරේන් හි නිර්මාණය කර ඇත. මෙය දැන් වන විට සම්පූර්ණ යටිතල පහසුකම් හා නිවාස වලින් ද සමන්විත ය. එමෙන්ම මෙහි හෝටල් සංකීර්ණ ද ඇත.
05. The THUMS Islands
මෙම THUMS දූපත් කැලිෆෝනියා San Pedro බොක්ක ප්රදේශයේ නිර්මාණය කර ඇත. 1965 වසරේ දී සාදා ඇත
06. Peberholm
මෙය ඩෙන්මාකය හා ස්වීඩනය සම්බන්ධ කරන දූපතයි. මෙය ඉතා කුඩා වුවත් මෙමඟින් පාලමක් හා මුහුද යටින් දිවෙන් උමං මාර්ගයක් සම්බන්ධ කරවයි.
07. Spiral Island
මෙක්සිකෝවේ සාදා ඇති මෙම දූපත පාවෙන දූපතකි. 1998 වසරේදී බ්‍රිතාන්‍ය නිර්මාණකරුවකු විසින් මිලියනයකට වැඩි ප්ලාස්ටික් බෝතල් ප්රමාණයක් යොදා ගෙන සාදා ඇත.
08. Artificial
Islands of Uros
පේරු රාජ්යෙය් නිර්මාණය කර ඇත. Puno හි Titicaca ඇල මාර්ගයේ ඉවුරේ සෑදෙන පන් ගස් යොදා ගෙන සාදා ඇත. මේ සෑම දූපතකම නිවෙස් 2 – 10ක් පමණ ඇත.
09. The Pearl-Qatar
දෝහා කටාර් හි වර්ග මීටර් මිලියන 4ක් පුරා පැතිරී ඇත.
10. Kamfers Dam Island
දකුණු අප්රිකාවේ නිර්මාණය කර ඇත . මෙය යෝධ “S” හැඩයකට සාදා ඇත.
No comments:
Post a Comment