අලිගැටපේර අපට ගුණදායී වන්නේ ඇයි?
අපගේ ශරීරයට
අත්‍යාවශ්‍ය පෝෂක
වර්ග
අඩංගු
වන
ආහාර
වර්ග
බොහෝ
ඇත.
ඒ
අතරින්
අලිගැටපේර වලට
හිමි
වන්නේ
සුවිශේෂී ස්ථානයකි. අලිගැටපේර වල
මැගිනීසියම්, පොටෑසියම්, vitamin C, vitamin K1, vitamin B6 හා කාබෝහයිඩ්රේට
අඩංගු
වේ.
නමුත්
බොහෝ
දෙනා
මේවායේ
අධික
කැලරි
ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු යැයි යන
විශ්වාසය මත
අලිගැටපේර ආහාරයට
ගැනීමෙන් වැළකී
සිටී.
මේ
ලිපියෙන් අලිගැටපේර වල ඇති පෝෂ්‍යදායී ගුණයන් පිළිබඳව මනාව පැහැදිලි කර දේ.
01. කෙසෙල් වලට වඩා පොටෑසියම් අඩංගු වේ.
පොටෑසියම්
යනු පොහෝ දෙනෙක්ගේ සිරුරේ හිඟයක්ව පවතින පදාර්ථයකි. අලිගැටපේර වල ඔබට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය අන්තර්ගත වේ. මෙය සිරුරේ රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ආධාර වේ.
02. තන්තු වලින් පරිපූර්ණ වේ.
අලිගැටපේර
වල තන්තු බහුල වේ. තන්තු මඟින් සිරුරේ බර අඩු කිරීම,
රුධිරගත සීනි ප්‍රමාණය අඩු
කරන අතරම, බොහෝ රෝග වලට ඇති අවධානම ද අඩු කරයි.
03. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
දිනපතා
අලිගැටපේර ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. එමෙන්ම මේවා මඟින් රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ හා LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ද
අඩු කරයි.
04. පිළිකා නාශක ගුණය.
අලිගැටපේර
වල ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වේ.
මෙය සිරුරේ ප්‍රතිශක්තිය වැඩිදියුණු
කරවන අතර, මේවා පිළිකාකාරක නිදහස් අංශු හා පිළිකා සෛල
විනාශ කිරීමේ හැකියාව පවතී.
05. ආතරයිටිස් වේදනාව සමනය කරයි.
අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ අලිගැටපේර
වලින් ලැබෙන සංයෝගයක් මඟින් ආතරයිටිස් රෝගය නිසා හටගන්නා වේදනාව මෙන්ම අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනාවන් සමනය
වන බවයි.
06. වකුගඩු වලට හානි සිදුවීම වැළැක්වීම
අලිගැටපේර
වල ඇති ඔලෙයික් අම්ලය හා ප්‍රතිඔක්සිකාරක
වකුගඩු වල හටගන්නා ආබාධයන්ට
හොඳම ඔසුවකි. එමෙන්ම මේවායින් දියවැඩියාවෙන් අක්මාවට සිදුවන හානි ද වළක්වයි.
07. නීරෝගී ඇස් හිමි කර දේ.
අලිගැටපේර
වල lutein හා zeaxanthin යන සංයෝගයන් අඩංගු
වේ. මෙම කැරොටිනොයිඩ මඟින් අක්ෂි කාචය පරිහානිය වළක්වයි.
No comments:
Post a Comment